විදුලි වැටක් නිසා වල්සපුගල නැවත උණුසුම්..

විදුලි වැටක් නිසා වල්සපුගල නැවත උණුසුම්..

by Staff writer 04-03-2021 | 3:38 PM

COLOMBO (News 1st) – විදුලි වැටක් නිසා වල්සපුගල නැවත උණුසුම් විය.

එම විදුලිවැට ඉදිකිරීමට උත්සහ කළේ මගී සංවර්ධන අධිකාරියයි. ගොවීන් ප්‍රකාශ කළේ, අධිවේගී මාර්ගයේ ආරක්ෂාවට පමණක් ඉදිකරන මේ විදුලි වැට හේතුවෙන් වන අලි ගමට කොටුවන බවයි. ගම්මුන්:
වැට ගහන්න ඉතින් අපිට විසඳුමක් දීලා මේ පැත්තේ ඉන්න අලි ටික අනිත් පැත්තට අරන් වැට ගහන්න. අපිට ගැටලුවක් නෑ ඊට පස්සේ. අපි ගමේ ජීවත් වෙන්න ඕන ඔබතුමාලා වැට ගහාවි. හෙට යාවී. දැන් අපිට හයිවේ එකෙන් කිසිම ආදායමක් නෑනේ. අපිට තියෙන්නේ අපේ ගොවිතැනක බතක තමයි ආදායමක් තියෙන්නේ අපි අසරණ කෙරුව එක විතරයි මේ අධිවේගී මාර්ගයෙන් වුණේ. අඩි සීයේ පාරේ තක්කාලි ටික පටවගෙන යනකොට ට්‍රැක්ටරේට ගැහුවා අලිය. බයික් එකේ ගිය ගෑණු මනුස්සයාට ගැහුවා අලියා.
මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කිලෝ මීටර් 2 ක් දුරට මෙම විදුලි වැට ඉදිකිරීමට තීරණය කර ඇති බව ගොවීන් ප්‍රකාශ කළේ ය. පසුව එම ස්ථානයට සූරියවැව පොලීසිය ද පැමිණියේ ය. කෙසේ නමුත් පොලිසියේ මැදිහත් වීමෙන් විදුලි වැට ඉදිරිකිරීම තාවකාලිකව නවතා දමා ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය. මේ අතර වල්සපුගල ගොවීන් ගෙනයනු ලබන සත්‍යග්‍රහයට අද 47 වැනි දිනටත් පැවැත්විය. අද දිනයේ එම ගොවීන්ගේ බිරින්දෑවරුන් ඇතුළු නිවෙස්හි කාන්තාවන් ද සත්‍යග්‍රහයට එක් වූහ. https://youtu.be/6zAPcw6o6Fo