කාන්තා මළ සිරුරේ හිස සොයා කැලණි ගඟ පීරයි

කාන්තා මළ සිරුරේ හිස සොයා කැලණි ගඟ පීරයි

by Staff writer 04-03-2021 | 6:00 PM

COLOMBO (News 1st) – කොළඹ වේල්ල වීදියෙන් ගමන් මල්ලක බහා තිබියදී සොයා ගත් කාන්තා මළ සිරුරේ හිස සොයා කැලණි ගඟ දෙපස පොලිසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ , පොලිස් නාවුක කොට්ඨාසයේ නිලධාරින් කැලණි මෝය කට පිහිටි මෝදර ප්‍රදේශයේ සිට හංවැල්ල දක්වා ප්‍රදේශය මෙම මෙහෙයුමේදී පරීක්ෂාවට ලක් කරන බවයි.