අනුරාධපුරයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන චර්ම රෝගයක්

අනුරාධපුර ප්‍රදේශයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන චර්ම රෝගයක්..

by Staff writer 04-03-2021 | 8:19 AM

COLOMBO (News 1st) - ටීනීයා නම් දිලීරය ආසාදනයෙන් ඇතිවන චර්ම රෝගයක් අනුරාධපුර ප්‍රදේශයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසති.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය සඳහන් කළේ, මෙම රෝගය ආසාදනය වූවන්ගේ සම මතුපිට රතු පැහැ පැල්ලම් හට ගන්නා බවයි. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවට ගොස් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගයෙන් සුවය ලැබිය හැකි බව ද වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය ප්‍රකාශ කළා ය.