කොරෝනා සිරුරු ඉරණතිව් ගේනවාට එරෙහිව විරෝධතාවක්

කොරෝනා මළ සිරුරු ඉරණතිව් දූපතට ගේනවාට එරෙහිව විරෝධතාවක්

by Sagarika Chathumali 03-03-2021 | 11:08 AM

COLOMBO (News 1st) : කොරෝනා ආසාදිත මළ සිරුරු ඉරණතිව් දූපතේ භූමදානය කිරීමට එරෙහිව කිලිනොච්චි ඉරෙනෙයිමාධා නගරයේදී විරෝධතාවක් පැවැත්වෙන බව වාර්තා වේ.

අප වාර්තාකරු පැවසුවේ, සිවිල් සංවිධාන, ධීවර සංගම් හා ප්‍රදේශයේ පූජකවරුන් ද මෙම විරෝධතාවට එක්ව සිටින බවයි. විරෝධතාකරුවන් පවසන්නේ ඉරණතිව් දූපතේ නැවත පදිංචි කිරීම් සිදුවන තත්ත්වයක් යටතේ කොරෝනා මළ සිරුරු භූමදානය කිරීම ගැටලුවක් බවයි. කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා ඉරණතිව් දූපත හඳුනා ගෙන ඇති බවත් ඒ සඳහා මූලික කටයුතු සියල්ල අවසන් කර ඇති බවත් ඊයේ (02) කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරිණ. කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීමට අදාළ ගැසට් නිවේදනය පසුගිය දා නිකුත් කෙරිණ.