වැලි මිල ඉහළ යාම පාලනයට පිළියමක්

වැලි මිල ඉහළ යාම පාලනයට සමූපකාර සමිති ක්‍රමයක්

by Staff writer 03-03-2021 | 4:39 PM

COLOMBO (News 1st) - වැලි මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා සමූපකාර සමිති ක්‍රමයක් ඇති කිරීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ වැලි මිල සීඝ්‍රයෙන් ඉහළ යාමේ ප්‍රවණවතාවක් පවතින බවයි. මනම්පිටියේ වැලි කියුබ් තුනක මිල රුපියල් 14,000 වැනි මිලක් වුවද කොළඹ ඇතුළු අනෙකුත් ප්‍රදේශවල එහි මිල රුපියල් 65,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පරිසර අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී හෙළිව තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, සමූපකාර සමිති ක්‍රමයක් හරහා වැලි මිල පාලනයට හැකියාව පවතින බවයි. පළමු අදියරේදී මඩකලපුව, ත්‍රිකුණාමලය හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැලි කැනීම්කරුවන්ගේ සමූපකාර සමිති පිහිටුවා වැලි බෙදාහැරීම සිදු කිරීමට සැලසුම් කර ඇත.