by Staff writer 02-03-2021 | 2:59 PM
COLOMBO (News 1st) : වතු සේවකයින්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ලබා දීමේ යෝජනාව පඩි පාලක සභාවේදී සම්මත වූ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, අදාළ යෝජනාවට වතු හාම්පුතුන්ගේ විරෝධය පළ වුව ද පඩි පාලක සභාවේදී එය සම්මත වූ බවයි.
වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට එරෙහිව වතු හාම්පුතුන්ගෙන් ඉදිරිපත් වී තිබූ විරෝධතා සංඛ්‍යාව 197 කි.