කොදෙව් පුහුණුකරුගේ බලාපොරොත්තුව!

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය 20යි 20 ලෝක කුසලාන කණ්ඩායම සැකසීමේ පළමු පියවරයි - කොදෙව් පුහුණුකරු

by Staff writer 02-03-2021 | 6:08 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සමග අනිද්දා(04) ආරම්භ වන ක්‍රිකට් තරගාවලිය, එළැඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලානය සඳහා සහභාගී වන තම කණ්ඩායම සැකසීමේ පළමු පියවර බවට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් පවසයි.

ඉන්දීය කොදෙව් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් පෙන්වා දෙන්නේ, ලබන ජූලි හෝ අගෝස්තු මාසයේදී පකිස්ථානයට එරෙහිව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ආරම්භයට පෙර තම කණ්ඩායමේ සංයුතිය පිළිබඳව තීරණයකට එළැඹිය යුතු බවයි. මේ අතර වසර දෙකකට පසුව සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ට නැවතත් බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20යි 20 සංචිතයට පිවිසීමේ අවස්ථාව පසුගිය දා හිමි විය. ඒ, ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය සඳහා සංචිතයට කැඳවීමත් සමගයි. 2012 වසරෙන් පසුව පළමුවරට වේග පන්දු යවන ක්‍රීඩක ෆිඩෙල් එඩ්වඩ්ස් ද බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට කැඳවිය.