වේවැල් පහරින් මිය ගිය දැරිය අවසන් ගමන් යයි

යාතු කර්මයකදී වේවැල් පහරින් මියගිය දැරිය අවසන් ගමන් යයි

by Sagarika Chathumali 02-03-2021 | 9:31 AM

COLOMBO (News 1st) : යාතු කර්මයකදී සිදු කළ වේවැල් පහරදීමකින් මියගිය දැරියගේ අවසන් කටයුතු ඊයේ (01) ගාල්ල, කටුගොඩදී සිදු කර තිබේ.

මරණ පරික්ෂණයෙන් පසු දැරියගේ සිරුර පියාට භාර දිමෙන් පසු මෙසේ කටුගොඩ ඇය උපන් නිවසට රැගෙනැවිත් අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු කර ඇත. අප වාර්තාකරු පැවසුවේ, ගාල්ල, කටුගොඩ නිවසේ පදිංචිව සිට ඇති මියගිය දැරිය පසුව ඇයගේ මව දැරිය ද සමග කඳුබොඩ ප්‍රදේශයේ පදිංචියට ගොස් සිට ඇති බවයි. දරුවන් ති දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ ෆාතිමා රිස්කා මිය යන විට 09 වැනි වියේ පසුවූවා ය. දැරියට පහරදුන් බව කියන ශාස්ත්‍රකාරිය සහ දැරියගේ මව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. https://www.youtube.com/watch?v=ydV-53cPc8I&feature=youtu.be