කෲඩියා සෙලනිකා පැළ රෝපණය කිරීමට පියවර

දාරලුව දුර්ලභ ගසේ පැළ රෝපණය කර සුදුසු පරිසරවලට හඳුන්වා දීමට පියවර

by Hashini De Mel 02-03-2021 | 3:23 PM

COLOMBO (News 1st) - ගම්පහ, දාරලුව දුම්රිය ස්ථානය අසල ඇති මහත් ආන්දෝලනයට ලක් වූ පඬු කරඳ හෙවත් කෲඩියා සෙලනිකා (Crudia Zeylanica) ශාකයේ පැළ රෝපණය කර සුදුසු පරිසරවලට හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

2012 රතු දත්ත ලැයිසේතුවට අනුව වඳවී ගිය ශාකයක් ලෙස සැලකූ මෙම ශාකයේ පැළ 20 ක් පේරාදෙණිය රාජකීය උද්‍යානයෙත් තවත් පැළ 06 ක් ගම්පහ, හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයෙත් සංරක්ෂණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.