කොරෝනා මළ සිරුරු භූමදානයට ඉරණතිව් දූපත හඳුනා ගැනේ

කොරෝනා මළ සිරුරු භූමදානයට ඉරණතිව් දූපත හඳුනා ගැනේ

by Sagarika Chathumali 02-03-2021 | 10:54 AM

COLOMBO (News 1st) : කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා ඉරණතිව් දූපත හඳුනා ගෙන ඇතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, මරණ භූමදානය සඳහා මේ වනවිට ඉරණතිව් ප්‍රදේශයේ මූලික කටයුතු සියල්ල අවසන් කර ඇති බවයි. කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීමට අදාළ ගැසට් නිවේදනය පසුගිය දා නිකුත් කෙරිණ.