by Staff writer 02-03-2021 | 4:39 PM
COLOMBO (News 1st) - කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්ම ප්‍රහාර එල්ල කළ බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් ලබන 16 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
2019 අප්‍රේල් 21 වැනි දා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර විශාල පිරිසක් ඝාතනය කළ බෝම්බකරු වන්නේ 22 හැවිරිදි අලව්දීන් මොහොමඩ් මුවාඩ් නැමැත්තායි.