කොරෝනා පළමු එන්නත් මාත්‍රාවෙන් පසු වෛරසය වැළඳීමේ හැකියාවක් තිබේ ද?

කොරෝනා පළමු එන්නත් මාත්‍රාවෙන් පසු වෛරසය වැළඳීමේ හැකියාවක් තිබේ ද?

කොරෝනා පළමු එන්නත් මාත්‍රාවෙන් පසු වෛරසය වැළඳීමේ හැකියාවක් තිබේ ද?

කර්තෘ Sagarika Chathumali

02 Mar, 2021 | 3:15 pm

 

කොරෝනා මර්දන එන්නත ලබා දුන් පුද්ගලයින්ගෙන් ඉතා සුළු පිරිසකට ද වෛරසය , ආසාදනය වීමේ අවදානමක් ඇතැයි, කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ, පළමු මාත්‍රාවවෙන් පසු ප්‍රතිදේහ නිපදවීමට සති 3ක පමණ කාලයක් ගත වන බැවින් එම කාලය අතරතුර වෛරසය වැළඳිය හැකි බවයි.

පළමු මාත්‍රාවෙන් ආවරණය ඇත්තේ, 62%කට පමණ ප්‍රමාණයකට බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවා ය.

පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් බොහොම සුළු පිරිසකට කෝවිඩ් වැළඳී ඇති බවට වාර්තා වී ඇති බවත් එය සැලකිය යුතු සංඛ්‍යාවක් නොවන බව ත් ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]