by Sagarika Chathumali 01-03-2021 | 11:55 AM
COLOMBO (News 1st) : චීන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂිකා ක්ලෝයි ෂාඕ Golden Globes සම්මාන ඉතිහාසය අලුත් කිරීමට අද සමත්වූවා ය.
ඒ සම්මාන උළේලේදී හොඳම අධ්‍යක්ෂවරියට හිමි සම්මානය දිනා ගත් පළමු ආසියානු කාන්තාව ලෙස වාර්තාගත වෙමිනි.
Nomadland චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් ඇයට අද මෙම සම්මානය හිමි වූ අතර ඒ අනුව සම්මාන ඉතිහාසයේ හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මාන හිමි කර ගත් දෙවන කාන්තාව ඇය වනු ඇති.
1984 වසරේදී අමෙරිකනු ජාතික බාබ්‍රා ස්ට්‍රයිසැන්ඩ් Golden Globes සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය සඳහා වන සම්මානයට පාත්‍ර වූ පළමු කාන්තාවයි.
මෙවර ක්ලෝයි ෂාඕට අමතරව හොඳම අධ්‍යක්ෂණය සඳහා අධ්‍යක්ෂිකාවන් දෙදෙනකු නිර්දේශ වි සිටීම ද සුවිශේෂි කරුණකි.
සිනමා සහ රූපවාහිනී නිර්මාණ ඇගයීම සඳහා වන Golden Globes සම්මාන උළෙල කැලිෆෝනියාවේදී පැවැත්වුණේ, 78 වන වරටයි.
https://youtu.be/6sxCFZ8_d84