O/L විභාගය අදින් ඇරඹේ..

2020 O/L විභාගය අදින් ඇරඹේ..

by Staff writer 01-03-2021 | 7:16 AM

COLOMBO (News 1st) - 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (O/L Exam) විභාගය අද ආරම්භ වේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ විභාගය අද(01) සිට ලබන 10 වැනිදා තෙක් පැවැත්වෙන බවයි. මධ්‍යස්ථාන 4,513කදී, අයදුම්කරුවන් 622,352ක්, 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අද පෙනී සිටිනු ඇති. උදෑසන 7.45වන විට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිත මහතා අයදුම්කරුවන්ට උපදෙස් ලබා දී තිබේ. මෙවර විභාගයට කොරෝනා අසාදිත ළමුන් 24 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.