ශානිගේ ප්‍රතිශෝධන අයැදුම්පත සලකා බැලීම 17වැනිදා

ශානි ගොනු කළ ප්‍රතිශෝධන අයැදුම්පත සලකා බැලීම ලබන 17 වැනිදා

by Staff writer 01-03-2021 | 3:50 PM

COLOMBO (News 1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් රෝහණ යන මහත්වරුන් ගොනුකර ඇති ප්‍රතිශෝධන අයැදුම්පත් සලකා බැලීම සඳහා ලබන 17 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය.

එම ප්‍රතිශෝධන අයැදුම්පත් අද කැඳවනු ලැබුවේ, නිශ්සංක බන්දුල කරුණාරත්න හා ආර්. ගුරුසිංහ යන විනිසුරු මඩුල්ල හමුවේදීය. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව අසත්‍ය සාක්ෂි නිර්මාණ්‍ය කිරීමේ චෝදනා එල්ල වී ඇති තමන්ට ඇප ලබා දෙන්නැයි ඉල්ලා ගම්පහ මහාධිකරණයෙන් කල ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් ඔවුන් මෙම ප්‍රතිශෝධන අයැදුම්පත ගොනුකර තිබේ. තමන් වෙනුවෙන් සිය නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය විසින් පසුගිය දෙසැම්බර් 08 වැනිදා නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කර තමන් ඇප මත මුදාහරින්නැයි පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.