ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරයට පත් කළ මූඩි

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරයට පත් කළ ඔස්ට්‍රේලියානු ජාතිකයා

by Chathuranga Rajapaksha 01-03-2021 | 8:53 AM
COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය සඳහා ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි මහතා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. අද(01) සිට ඔහු එම තනතුරේ කටයුතු කරන බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. ටොම් මූඩි මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.