මියන්මාරයේ විරෝධතා මර්දනය ලෝක නායකයින් හෙළා දකී

මියන්මාරයේ විරෝධතා මර්දන ක්‍රියාවලිය ලෝක නායකයින් හෙළා දකී

by Staff writer 01-03-2021 | 7:22 AM

COLOMBO (News 1st) - මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාකරුවන් මර්දනය කිරීම, ලෝක නායකයින් හෙළා දැක ති‌බේ.

ඒ, ඊයේ පැවති විරෝධතා මර්දනය කිරීම හමුවේ , විරෝධතාකරුවන් 18 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව තහවුරු වීමත් සමගිනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විරෝධතාකරුවන් 1000ක් පමණ, ආරක්ෂක අංශ විසින් මේ වන විට රඳවාගෙන සිටින බවයි. සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව මාරාන්තික බලය යෙදවීම සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම පිළිගත නොහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේය. යුරෝපා සංගමය ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, මෙම මර්දනය කිරීම දැඩි ලෙස හෙළා දැක තිබේ . අමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු තවත් රටවල් කිහිපයක රජ්‍ය තාන්ත්‍රිකයින් ද , මෙම මර්දනය කිරීම් හෙළා දකිමින් විරෝධතාකරුවන්ට සහය පළ කළේය.