නීතිඥවරු 4  දෙනෙකුගෙන් අගවිනිසුරුට  පැමිණිල්ලක්

ජනපති කොමිසමේ නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වුණා දැයි, සොයන්න පැමිණිල්ලක්

by Staff writer 01-03-2021 | 1:10 PM

COLOMBO (News 1st) : දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි, අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා නීතිඥවරු 4 දෙනෙක් අද අගවිනිසුරුවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි, අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා නීතිඥවරු 4 දෙනෙක් අද අගවිනිසුරුවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ, 2015 ජනවාරි 8 වැනිදා හා 2019 නොවැම්බර් 19 වැනිදා කාලය අතරතුරදී සිදුව ඇතැයි, කියන දේශපාලන පළී ගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් යුක්තිය අවගමනයක් හා අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්තේ ද යන කරුණු පිළිබඳව මෙන්ම අධිකරණ පද්ධතියට හා පුරවැසි අයිතිවාසිකම්වලට එමගින් හානියක් සිදුවී ඇත් ද යන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි. නීතිඥ සේනක පෙරේරා, අචලා සෙනෙවිරත්න, නාමල් රාජපක්ෂ හා තම්බයියා ජෙයරත්නරාජා යන නීතිඥවරුන් සිව් දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා මගින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පත්කල අංක 2157 / 44 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ හෝ අධිකරණ නඩු සම්බන්ධයෙන් බලගැන්වීමක් කිසිසේත්ම කර නොමැති බව පැමිණිල්ල ඉදිරිපත් කළ නීතිඥවරු පෙන්වා දෙති. දුමින්ද සිල්වා මහතා දේශපාලන අසාධාරණයට ලක්කර ඇති බවත් ඔහුට එරෙහිව නියම කර ඇති මරණ දඬුවමට එරෙහිව ඔහු ඉදිරිපත් කළ අභියාචනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව නැවත සලකා බැලීමට නිර්දේශ කිරීම මගින් අධිකරණයට යුක්ති හා සාධාරණත්වයට කරනු ලැබු අපහාසයක් වන්නේ යැයි ද එම නීතිඥවරුන් පැමිණිල්ල මගින් අගවිනිසුරුවරයා වෙත පෙන්වාදි තිබේ. https://www.youtube.com/watch?v=tsp-5eXMPAY&feature=youtu.be