කන්කසෙන්තුරෙයි සිට ඉන්දියාවට මගී නැව් සේවයක්

ඉන්දු - ශ්‍රී ලංකා මගී නැව් සේවයකට ගිවිසුම් අත්සන් කෙරේ..

by Staff writer 01-03-2021 | 9:14 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ කන්කසෙන්තුරෙයි සිට ඉන්දියාවේ පොන්ඩිචේරිහි කරෙයිකාල් දක්වා මගී නැව් සේවයක් අරම්භ කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබේ.

ඒ, අද ඉන්දියාවේ නවදිල්ලි නුවරදීය. ගිවිසුම් අත්සන් කර ඇත්තේ සාගර්මාලා සංවර්ධන සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ දිලිප් කුමාර් ගුප්තා මහතා සහ ඉන්ද්‍රි (ශ්‍රී) මගී නැව් සේවය වෙනුවෙන් සී. නිරන්ජන් නන්දගෝපාන් මහතා අතරයි.