ජනපති කොමිසමේ වාර්තාව මහ නාහිමිවරුන්ට

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේ වාර්තාව මහ නාහිමිවරුන්ට පිළිගැන්වේ

by Sagarika Chathumali 01-03-2021 | 3:29 PM

COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් වෙත භාර දී තිබේ.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් මල්වතු මහා විහාරයේදී අද (01) පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ට වාර්තාව පිළිගැන්වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන්ට ද වාර්තාව පිළිගන්වා ඇත.