නිකලොස් සාර්කෝසිට වසර 3ක සිර දඬුවමක්

ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3ක සිර දඬුවමක්

by Staff writer 01-03-2021 | 8:59 PM
 

COLOMBO (News 1st) – ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3 ක සිර දඬුවමක් නියම කර තිබේ.

ඒ, දූෂණ චෝදනාවලට අධිකරණය හමුවේ වරදකරුවීම හේතුවෙනි. ඔහුගේ සහායකයින් දෙදෙනෙකුට ද සිර දඬුවම් නියමවූවත් එය අත්හිටුවා තිබේ. සිය දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් පැවැත්වෙන අපරාධ විමර්ශනයකට අදාළව තොරතුරු ලබා ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයෙකුට මොනාකෝ රාජ්‍යයේ තනතුක් ප්‍රදානය කිරීමෙන් අල්ලස් ලබාදීමට තැත් කල බවට හිටපු ප්‍රංශ ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබුණි. අධිකරණ නියෝගය අනුව සර්කෝසිට සිරුරේ රැදවූ විද්‍යුත් පටියක් සමග දඩුවම් කාලසීමාවේ නිවාස අඩස්සියේ සිට දඬුවම විදිය හැකිය.