නරේන්ද්‍ර මෝදි කොරෝනා එන්නත ලබා ගනී

නරේන්ද්‍ර මෝදි ඉන්දීය කොරෝනා එන්නත ලබා ගනී

by Staff writer 01-03-2021 | 10:33 AM

COLOMBO (News 1st) - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, ස්වදේශීක කොරෝනා එන්නතක් වන කොවැක්සීන් කොරෝනා එන්නතෙහි පළමු මාත්‍රාව අද ලබා ගත්තේය.

ඒ, එරට කොරෝනා එන්නත්කරණ ක්‍රියාවලියේ දෙවන අදියර ආරම්භ කරමිනි. මෙම කොවැක්සීන් කොරෝනා එන්නත නිෂ්පාදනය කළේ, ඉන්දියාවේ භාරත් බයෝටෙක් සහ ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ ආයතනය එක්වයි. ඉන්දියාවේ නිෂ්පාදිත කොවැක්සීන් එන්නත ලබා ගැනීම පිළිබඳ විවිදාත්මක තත්වයක් පවතින පසුබිමක, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එන්නත ලබා ගැනීම විශේෂත්වයකි. එන්නත ලබා ගැනීමේ ඡායාරූපයක් පළ කරමින් , අග්‍රාමාත්‍යවරයා ,කොරෝනා මර්දනයට එරට සෞඛ්‍ය අංශවල දායකත්වය අගය කළේය.