ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ මෙන්න..

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ මෙන්න..

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ මෙන්න..

කර්තෘ Sagarika Chathumali

01 Mar, 2021 | 9:43 am

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ (28) මෙරටින් නව කොරෝන ආසාදිතයින් 352 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 83,242ක් දක්වා ඉහළ ගියේ ය.

හඳුනා ගත් ආසාදිතයින් අතරින් දෙදෙනකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් හඳුනාගෙන ඇති අතර ඉතිරි ආසාදිතයින් පිරිස හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි.

හඳුනා ගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 112කි.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිස තලංගම ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 56කි.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 57ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50ක් ලෙස වාර්තා වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍ර දේශයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් පිරිස 38කි.

ඉතිරි ආසාදිතයින් සියලු දෙනා වාර්තා වී ඇත්තේ අනෙකුත් දිස්ත්‍රික්කවලිනි.

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 7ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව ද 471ක් දක්වා ඉහළ ගියේ ය.

එම මරණ වාර්තා වී තිබුණේ, කුරුණෑගල, අනුරාධපුර, පන්නිපිටිය, රුක්ගහවිල, දෙමළගම, කොළඹ 05 සහ ගම්පහ යන ප්‍රදේශවලිනි.

ආසාදිතයින් 3824 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා සිටින සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 78947 දෙනෙකි.

නිරෝධායන මධ්‍යස්ථාන 93ක් තුළ පුද්ගලයින් 9, 762 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින් අතර ඊයේ (28) දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 10,421කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]