O/L විභාගය හෙට ආරම්භ කිරීමට සියල්ල සූදානම්..

O/L විභාගය හෙට ආරම්භ කිරීමට සියල්ල සූදානම්..

O/L විභාගය හෙට ආරම්භ කිරීමට සියල්ල සූදානම්..

කර්තෘ Staff writer

28 Feb, 2021 | 5:41 pm

COLOMBO (News 1st) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ(O/L Exam) විභාගය හෙට(01) ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආරම්භ වන විභාගය , ලබන 10 වැනිදා දක්වා පැවැත්වෙන බවයි.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 622,351 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

විභාගය පැවැත්වීමට නියමිත විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 4513 කි.

කොරෝනා හේතුවෙන් එක් දිස්ත්‍රික්කයකයට විශේෂ විභාග මධ්‍යස්ථාන දෙක බැගින් පිහිටුවා ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව, දිවයිනේ පිහිටුවා ඇති විශේෂ විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 40 කි.

අපේක්ෂකයින් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ, අතිරේක බස් රථ අවශ්‍ය නම් විදුහල්තිවරුන් හරහා ඉල්ලුම් කළ හැකි බවයි.

විභාග ශාලා විෂබීජහරණය කර පිරිසිදු කිරීමේ කටයුතු අද සිදු කෙරිණි.

මේ අතර, අධ්‍යාපන අමාත්‍යවරයා සහ බලධාරීන් කිහිපදෙනෙකු අද කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයට පැමිණ නිරීක්ෂණය කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]