හොරණදී සොයා ගත් හෙරොයින් සැඟවූ ස්ථානය

'හරක්කටා' මෙහෙය වූ හොරණදී සොයා ගත් හෙරොයින් සැඟවූ ස්ථානය හඳුනා ගනී..

by Staff writer 28-02-2021 | 8:45 AM

COLOMBO (News 1st) –  පානදුර, වලාන මධ්‍යම දුෂණ මර්දන කොට්ඨාසය පසුගියදා හොරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 25ක් සඟවා තැබූ ස්ථානය ලෙස වැලිගම, ඉමදූව දොස්තරවත්ත ප්‍රදේශය හඳුනා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ , එම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ බවට සැකකරන රුවන් නඳුන් චින්තක නොහොත් 'හරක්කටා' නැමැත්තා මේ වනවිට මෙරටින් පලා ගොස් විදේශ රටක සැඟව සිටින බවට සැක කරන බවයි. මෙම මත්ද්‍රව්‍ය තොගය සමග යුද හමදා සමාජිකයෙකු සහ පලා ගිය හමුදා සෙබලෙකු ද අත්අඩංගුවට ගැනිණි.