යතුරුපැදි සොරකම් ඉහළට

සොරකම් කරන යතුරුපැදි මිලදී ගන්නා ස්ථානයක් වටලයි..

by Staff writer 28-02-2021 | 5:17 PM

COLOMBO (News 1st) - යතුරුපැදි සොරකම් කිරීමේ ප්‍රවණතාවයක් පවතින බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ගල්නෑව, නෑගම ප්‍රදේශයේ සැක කටයුතු ස්ථානයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී යතුරුපැදි ලියාපදිංචි අංක තහඩු 23ක් සොයාගත් බවයි. එහිදී යතුරුපැදි අමතර කොටස් වර්ග 17ක් , චැසි දෙකක් සහ යතුරුපැදි එන්ජින් එකක් ද එහි තිබී සොයාගෙන තිබේ. ඊයේ දිනයේ යතුරුපැදි 6ක් සොරකම් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඔහු පැවසුවේ මෙම ස්ථානය සොරකම් කරන යතුරුපැදි මිලදී ගන්නා ස්ථානයක් බවට සැක කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කැකිරාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.