වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්: 06කට තුවාලයි

by Staff writer 28-02-2021 | 5:36 PM

COLOMBO (News 1st) - තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද(28) උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 06දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් දික්ඹය රෝහලට ඇතුළත් කළ බවයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද පොලීසිය සඳහන් කළේය.