මියන්මාරයේ එ.ජා. තානාපති සේවයෙන් ඉවතට

මියන්මාරයේ එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා සේවයෙන් පහ කරයි

by Staff writer 28-02-2021 | 11:53 AM

COLOMBO (News 1st) : මියන්මාරයේ එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා සේවයෙන් පහ කර තිබේ.

එරට හමුදාව නිවේදනය කළේ, සිය පාලන බලයට අභියෝග කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි . මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී රජය යළිත් වරක් ස්ථාපිත කරමින් හමුදා පාලනය පෙරළීම සඳහා සියලු දෙනා ක්‍රියා කළ යුතු බව තනාපතිවරයා ප්‍රකාශ කර තිබුණි. ඒ සමග විරෝධතාකරුවන් මර්ධනය කිරීම තීව්‍ර කිරීමට මියන්මාර හමුදාව පියවර ගෙන තිබේ. පසුගිය පෙබරවාරි 01 වැනිදා මියන්මාර කුමන්ත්‍රණකාරී හමුදාව එරට නායිකා අවුන් සාන් සුචී ඇතුළු නායකයින් අත්අඩංගුවට ගනිමින් පාලන බලය සියතට ගත්තේ ය. ඒ හේතුවෙන් කුමන්ත්‍රණකාරී හමුදා පාලනයට එරෙහි මියන්මාරයේ විරෝධතා මේ වනවිට උත්සන්න වී තිබේ.