තෙල් නිෂ්පාදනයට පොල් මද පිටරටින්..

පොල් මිල රුපියල් 100 ඉක්මවයි:තෙල් හදන්න පොල් මද පිටරටින්..

by Staff writer 28-02-2021 | 7:33 AM

COLOMBO (News 1st) – මාර්තු, අප්‍රේල් මාස වනවිට පොල් මිල පහළ බසිනු ඇතැයි පොල් කර්මාන්ත අමාත්‍යාංශ්‍ය පවසයි.

එහි ලේකම් තිස්ස හේවා විතාරණ මහතා සඳහන් කළේ, පසුගිය වසරේ නිසි වර්ෂාවක් නොලැබීම පොල් ඵලදාව අඩුවීමට හේතු වූ බවයි. මේ දිනවල වෙළෙඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 100 ඉක්මවා අලෙවි කෙරේ. පොල් කර්මාන්තකරුවන්ට පොල් තෙල් නිෂ්පාදනය කිරීමට විදේශ රටවලින් පොල් මද ගෙන්වීම ආරම්භ වී තිබෙන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.