by Staff writer 28-02-2021 | 4:47 PM
COLOMBo (News 1st) - නීති විරෝධී මත්පැන්, මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පුත්තලම, මොරක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) එම ප්‍රදේශයේ කළ වැටලීමකදීය.
පොලීසිය සඳහන් කළේ, එහි තිබී මත්පැන් ලීටර් 318 කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බවයි.
සැකකරු 38 හැවිරිදි වියේ පසුවන බන්දිරිප්පුව, ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , ලබන 05 වැනිදා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දුන් බව පොලීසිය ප්‍රකාශ කළේය.