ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 28-02-2021 | 6:25 AM
දේශීය පුවත් 1. මාර්ගෝපදේශ දෙනතුරු COVID මරණ භූමදානයට අවස්ථාව නැහැ – කොරෝනා මරණ භූමදානයට අවස්ථාව ලැබෙන්නේ , අදාළ මාර්ගෝපදේශ නිකුත් වීමෙන් පසුව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 2. පාස්කු ප්‍රහාරය:2 සිට 5 දක්වා සියලු වාර්තා විවාදයට පෙර ලබා දෙන්න – ලක්ෂ්මන් කිරිඇල්ල – අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ දෙවන වෙළුමේ සිට පස්වැනි වෙළුම දක්වා සියලු වාර්තා විවාදයට පෙර ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටී. 3. ගාලු මුහුදේ ගිල් වූ බස්.. – අබිලි බස් රථ සහ ධීවර යාත්‍රා මුහුදු පතුලේ තැන්පත් කිරීමේ දෙවනි අදියර ඊයේ (27) පෙරවරුවේ ගාල්ල මුහුද ආශ්‍රිතව ආරම්භ කළේ ය. 4. අප්‍රේල් 21 ප්‍රහාරය: කොමිසමේ වාර්තාව අධ්‍යනයට පත් කළ අනුකමිටු ලබන බදාදා යළි රැස්වෙයි – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අධ්‍යනය කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ලබන බදාදා යළි රැස්වීමට තීරණය කර තිබේ. 5. කොළඹ, ගම්පහ අධි අවදානම් නොවන කලාපවල පුද්ගලයින්ට දැනට එන්නත නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කණ්ඩායම් අනියුක්ත කර තිබේ. විදෙස් පුවත් 1. මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය සෞදි කුමරුගේ අනුමැතියෙන් සිදුවූ බවට හෙළිදරව්වක් - මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය කර ඇත්තේ සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බීන් සල්මාන් කුමරුගේ අනුමැතියෙන් බව අමෙරිකාව පවසයි. ක්‍රීඩා පුවත් 1. අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරගයක පන්දු 4කදී කඩුලු 4ක් දවාගත් සන්තුල් – වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරගයක පිට පිට යැවූ පන්දු 4කදී කඩුලු 4ක් බිඳ දැමීමට සන්තුල් විජයරත්න සමත් විය.