කොදෙව් තරගාවලියේ 20යි 20 නායකත්වය මැතිව්ස්ට

කොදෙව් තරගාවලියේ 20යි 20 නායකත්වය මැතිව්ස්ට

by Staff writer 28-02-2021 | 4:59 PM

COLOMBO (News 1st) - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේදී, ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ.

ශ්‍රී ලංකා - බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියට පන්දුවාර 20යි 20 තරග 3ක්, එක්දින ජාත්‍යන්තර තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් ඇතුළත් වේ. පළමු තරගය 20 යි 20 තරගයක් වන අතර එය මාර්තු මස 03 වැනිදා ඇන්ටිගුවාහිදී ආරම්භවීමට නියමිතය. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස්ට හිමිවන බවයි. ජාතික තේරීම් කමිටුව විසින් අදාල පත් කිරීම සිදු කර ඇති බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණි. තරග සංචාරයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි දසුන් ශානකට වීසා ගැටලුවක් හේතුවෙන් මෙතෙක් කොදෙව් දේශය බලා පිටත්ව යාමට නොහැකි වීම හේතුවෙන් මෙම පත් කිරීම සිදු කර තිබේ.