ඔස්ට්‍රේලියාවේ බස් එලවන මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්

ඔස්ට්‍රේලියාවේ බස් එලවන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා.. (වීඩියෝ සහිතයි)

by Chathuranga Rajapaksha 28-02-2021 | 6:46 PM
COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජන කළ සුරාජ් රන්දිව් සහ චින්තක ජයසිංහ ඔස්ට්‍රේලියාවේ බස් රථ රියැදුරන් ලෙස කටයුතු කරන බව ඔස්ට්‍රේලියා විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුරාජ් රන්දිව් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12ක්, එක්දින තරග 31ක් සහ පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග 7ක් නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඔහු 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ද ක්‍රීඩා කළේය. චින්තක ජයසිංහ පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග 5කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. මේ අතර රන්දිව් සහ චින්තක සමග සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වෙඩින්ටන් මුවෙන්ගා (Weddington Mwayenga) නම් වූ ක්‍රීඩකයා ද බස් රථ රියදුරෙකු ලෙස කටයුතු කරනු ලැබේ. ඔවුන් තිදෙනා පිළිබඳ ඔස්ට්‍රේලියාවේ රූපවාහිනි නාලිකාවක් විශේෂ වැඩසටහනක් ද සිදු කර ඇත. එහිදී රන්දිව් සහ චින්තක පවසන්නේ ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීම ඔවුන්ගේ අරමුණ බවය. එම රූපවාහිනි වැඩසටහන් පහතින් දැක්වේ. https://www.youtube.com/watch?v=Tz4z7FMPyYU&feature=emb_title