
සොරකම් කරන යතුරුපැදි මිලදී ගන්නා ස්ථානයක් වටලයි..
සොරකම් කරන යතුරුපැදි මිලදී ගන්නා ස්ථානයක් වටලයි..
කර්තෘ Chathura Sooriyabandara
COLOMBO (News 1st) – යතුරුපැදි සොරකම් කිරීමේ ප්‍රවණතාවයක් පවතින බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ගල්නෑව, නෑගම ප්‍රදේශයේ සැක කටයුතු ස්ථානයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී යතුරුපැදි ලියාපදිංචි අංක තහඩු 23ක් සොයාගත් බවයි.
එහිදී යතුරුපැදි අමතර කොටස් වර්ග 17ක් , චැසි දෙකක් සහ යතුරුපැදි එන්ජින් එකක් ද එහි තිබී සොයාගෙන තිබේ.
ඊයේ දිනයේ යතුරුපැදි 6ක් සොරකම් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඔහු පැවසුවේ මෙම ස්ථානය සොරකම් කරන යතුරුපැදි මිලදී ගන්නා ස්ථානයක් බවට සැක කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කැකිරාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
- හෙට සියලු රාජ්‍ය සහ පෞද්ගලික බැංකු විවෘතයි – මහ බැංකුව
- මෝටර් රථයක් තුළ රියැදුරු අසුනේ මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක්..
- 5000 දීමනාව ලබා දිය යුතු කාණ්ඩ 7ක් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කෙරේ
- අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න – යුද හමුදාපති ජනතාවගෙන් ඉල්ලයි
- තවත් කොරෝනා එන්නත් තොගයක් මෙම මාසය තුළ දිවයිනට..
- විෂ පොල්තෙල් වෙළෙඳපොළෙන් මෙතෙක් හමු වී නැහැ – රාජ්‍ය ඇමති ලසන්ත
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- “ෆැමිලි රන් සැටර්ඩේ” කොළඹ තුරඟ තරග පිටියෙන් ඇරඹේ..
- නාමල් රාජපක්ෂගේ උපන් දින සැමරුමක් මාතරදී..
- තවත් කොරෝනා මරණයක්..