
කොදෙව් තරගාවලියේ 20යි 20 නායකත්වය මැතිව්ස්ට
කොදෙව් තරගාවලියේ 20යි 20 නායකත්වය මැතිව්ස්ට
කර්තෘ Chathura Sooriyabandara
COLOMBO (News 1st) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේදී, ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ.
ශ්‍රී ලංකා – බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියට පන්දුවාර 20යි 20 තරග 3ක්, එක්දින ජාත්‍යන්තර තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් ඇතුළත් වේ.
පළමු තරගය 20 යි 20 තරගයක් වන අතර එය මාර්තු මස 03 වැනිදා ඇන්ටිගුවාහිදී ආරම්භවීමට නියමිතය.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස්ට හිමිවන බවයි.
ජාතික තේරීම් කමිටුව විසින් අදාල පත් කිරීම සිදු කර ඇති බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණි.
තරග සංචාරයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි දසුන් ශානකට වීසා ගැටලුවක් හේතුවෙන් මෙතෙක් කොදෙව් දේශය බලා පිටත්ව යාමට නොහැකි වීම හේතුවෙන් මෙම පත් කිරීම සිදු කර තිබේ.
- දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට 18 දක්වා වැසේ
- මත්ද්‍රව්‍යවලට සම්බන්ධ ගොඩ ගැසුණු රස පරීක්ෂක වර්තා 8,000 ක් අවසන් – අධිකරණ අමාත්‍යාංශය
- මත්ද්‍රව්‍ය අපරාධ මැඩලීමට අද සිට විශේෂ වැඩපිළිවෙළක්
- ප්‍රතිඅපනයනය සඳහා ව්‍යාජ දත්ත ඇතුළත් කළ සහකාර රේගු අධිකාරීවරයෙකු CID අත්අඩංගුවට..
- දක්ෂිණ අධිවේගයේ වෙට්ටු දැමූ රියැදුරු රිමාන්ඩ්
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- ජනපති හිට්ලර් කෙනෙකු විය යුතුයි. – දිලුම් අමුණුගම
- දුම්රිය පැමිණිලි සහ තොරතුරු විමසීමට කෙටි දුරකතන අංකයක්..
- හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය පිහිටුවීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ.
- ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 100 සමග 5ක් සපුගස්කන්දේ දී අත්අඩංගුවට