විදේශ සංචිත ඉහළ නැංවීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

විදේශ සංචිත ඉහළ නැංවීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

by Staff writer 27-02-2021 | 7:18 AM

COLOMBO (News 1st) - මෙරට විදේශ සංචිත ඉහළ නැංවීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

ඒ, ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය හා ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකායේ මැදිහත්වීමෙනි. මේ යටතේ, අපනයන, සංචාරක, විදේශ ප්‍රේෂණ, විදේශ සෘජු ආයෝජන හා ආනයන සීමා යන ක්ෂේත්‍ර 5 සම්බන්ධයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙනු ඇති. ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය පැවසුවේ, මෙහිදී එක් එක් ක්ෂේත්‍ර සඳහා නිශ්චිත ඉලක්ක ලබා දී ඇති බවයි. ඊට අමතරව රබර්, තේ, රෙදිපිළි, මැණික් හා ස්වර්ණාභරණ ඇතුළු නිෂ්පාදන අපනයන ඉහළ නැංවීමට ද රජය තීරණය කර තිබේ. ඒ, ඒ, භාණ්ඩ අපනයනට නිශ්චිත ඉලක්ක මේ වන විටත් ලබා දී ඇති අතර ඒවා අධ්‍යනයට විශේෂ කමිටුද පත් කර ඇති බව කාර්ය සාධක බලකාය සඳහන් කළේ ය. එම කමිටු ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ කර්මාන්තකරුවන්ගෙන් සමන්විතය.