වරාය අක්‍රමිකතා:රාජ්‍ය බුද්ධි කාර්යාලයක්

වරායේ අක්‍රමිකතා මැඩලීමට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක්

by Staff writer 27-02-2021 | 8:01 AM

COLOMBO (News 1st) - වරාය තුළ සිදුවන විවිධ අක්‍රමිකතා පාලනයට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.

වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසුවේ, දීර්ඝ කාලීනව සිදුව ඇති අක්‍රමිකතා හඳුනා ගැනීමට මෙන්ම සිදුවිය හැකි අක්‍රමිකතා අවම කිරීමට එමගින් හැකිවනු ඇති බවයි. අදාළ කාර්යාලය ස්ථාපිත කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.