COVID මරණ භූමදානය ගැන විශේෂ දැනුම් දීමක්..

මාර්ගෝපදේශ දෙනතුරු COVID මරණ භූමදානයට අවස්ථාව නැහැ

by Chathurika Jayasundara 27-02-2021 | 6:32 PM

COLOMBO (News 1st) – කොරෝනා මරණ භූමදානයට අවස්ථාව ලැබෙන්නේ , අදාළ මාර්ගෝපදේශ නිකුත් වීමෙන් පසුව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ , කොරෝනා මරණ භූමදානයට අවශ්‍ය ස්ථාන සොයා ගතයුතු බවත් , එම ස්ථානවල ඇති ජල ධාරිතාව ද සොයා බැලිය යුතු බවයි. අනතුරුව එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යවරියට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මේ සඳහා අවස්ථාව සැලසන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේ ය. සිරුරු භූමදානය කර ගැනීමට අත්‍යවශ්‍යම කෙනෙක් වේ නම් , එතෙක් එම සිරුරු අධි ශීතකරණයේ තැන්පත් කර තැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් පවසයි.