පුද්ගලයින් 10ක් සපා කෑ සුනඛයෙකුට පොලීසියෙන් වෙඩි

පුද්ගලයින් 10 දෙනෙකු සපා කෑ සුනඛයෙකුට පොලීසියෙන් වෙඩි

by Staff writer 27-02-2021 | 5:42 PM

COLOMBO (News 1st) – කළුතර, දකුණු වෙට්ටුමකඩ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් සුනඛයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙකු පමණ සපා කෑ සුනඛයෙකු සම්බන්ධයෙන් ප්‍රදේශවාසින් එක්ව දකුණු කළුතර පොලිසියට පැමිණිල්ලක් ගොනු කළේය. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය වෙට්ටුමකඩ ප්‍රදේශයට පැමිණි අතර සුනඛයා ඒ අවස්ථාවේ පොලිස් නිලධාරියාගේ අත සපා කා තිබේ. පොලීසිය පැවසුවේ, එම අවස්ථාවේ සිදු කළ වෙඩි තැබීමෙන් සුනඛයා මියගොස් අසළ සිටි පුද්ලයෙකුට ද වෙඩි වැදී ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කෙරිණ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.