භූ කම්පන තත්ත්වයන් අධ්‍යනයට ජාත්‍යන්තර සහය

පසුගිය දිනවල සිදු වූ භූ කම්පන තත්ත්වයන් පිළිබඳ අධ්‍යනයට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට තීරණයක්

by Staff writer 27-02-2021 | 12:20 PM

COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ කිහිපයක පසුගිය කාලය පුරා වාර්තා වූ භූ කම්පන තත්ත්වයන් සම්බන්ධයෙන් අධ්‍යනයට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට තීරණය කර තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල විද්වතුන් ඊට සම්බන්ධ කර ගන්නා බවයි. එම අධ්‍යන වාර්තා සහ මෙරට විද්වතුන්ගේ අධ්‍යන වාර්තා සැලකිල්ලට ගෙන ඉදිරි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ඉකුත් මාසයේ 31 වැනි දා සිට සති දෙකක් තුළ බදුල්ල, ලුණුගල, ඇකිරිය ප්‍රදේශයේ භූ චලන 3 ක් වාර්තා විය. මීට අමතරව මාස 3 ක් ඇතුළත මහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව වාර්තා වූ භූ චලන සංඛ්‍යාව 9 කි. පානමට ඔබ්බෙන් මුහුදේ භූ චලනයක් ද වාර්තා වූයේ පසුගිය 19 වැනි දාය.