නාරංගල කන්දේදී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

නාරංගල කන්දේදී අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගනී..

by Staff writer 27-02-2021 | 2:55 PM

COLOMBO (News 1st) -  බදුල්ල , නාරංගල කන්දේ සංචාරයකට පැමිණ එහි රාත්‍රිය ගතකරමින් සිටියදී අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගෙන තිබේ.

ඒ, නාරංගල කන්දේ සිට කිලෝමීටරයක් පමණ පහළ ප්‍රපාතයේ තිබියදී ය. පොලිසිය ප්‍රකාශ කළේ , යුද හමුදා සාමාජිකයින් ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් තරුණයාගේ සිරුර අද(27) දහවල් සොයා ගත් බවයි. මියගොස් ඇත්තේ, අවිස්සාවේල්ල, මානියම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. ඔහු තවත් මිතුරන් 07 දෙනෙකු සමග රාත්‍රිය ගත කිරිම සඳහා ඊයේ(26) නාරංගල කන්දට පැමිණ තිබේ. ඔහුගේ මිතුරන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ, මියගිය තරුණයා වැසිකිලි යන බව පවසා කූඩාරමෙන් පිටතට ගිය බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.