ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 27-02-2021 | 6:26 AM

දේශීය පුවත්

1. කොවිඩ් එන්නත ගැන ජනතාවට විශේෂ දැනුම් දීමක්..: කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කෝවිඩ් 19 ව්‍යාප්ත වීමේ අධිඅවදානමක් සහිත ග්‍රාම නිලධාරි වසම්වල වාසය කරන වයස අවුරුදු 30 සහ ඊට වැඩි සියල්ලන්ට ඊයේ (26) සිටම එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. 2. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක ආරක්ෂා කිරීමට ජාතික වැඩපිළිවෙළක්: වන හා වෘක්ෂලතා අඥා පනත යටතේ වඳවීමේ තර්ජනයට ලක් වී ඇති බවට හඳුනා ගෙන ඇති ශාක ආරක්ෂා කිරීමට ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කරන බව වනජීවි අමාත්‍යාංශය පවසයි. 3. කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දීම ගැන පකිස්ථාන අගමැතිගෙන් ප්‍රශංසා..: ශ්‍රී ලංකාව තුළ කොවිඩ් අසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා නිල වශයෙන් අවසර ලබාදීම පිළිබඳව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ට්විටර් පණිවිඩයක් තබමින් ශ්‍රී ලංකා රජයට හා ජනාධිපතිතුමාට ප්‍රශංසා එක් කර තිබේ. 4. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි: විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඊයේ දහවල් අභාවප්‍රාප්ත විය.

විදෙස් පුවත්

5. ජපානයට ‘තනිකම’ පිළිබඳව අමාත්‍යවරයෙක්..: නැගී එන සියදිවි නසා ගැනීමේ අනුපාතය පරීක්ෂා කිරීම සඳහා ජපානය පළමුවරට ‘තනිකම’ පිළිබඳව අමාත්‍යවරයෙකු ( Loneliness Minister ) පත් කර තිබේ.