අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරගයක පන්දු 4කදී කඩුලු 4ක් දවාගත් සන්තුල්

by Chathuranga Rajapaksha 27-02-2021 | 9:33 PM

COLOMBO (News 1st) – වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරගයක පිට පිට යැවූ පන්දු 4කදී කඩුලු 4ක් බිඳ දැමීමට සන්තුල් විජයරත්න සමත් විය.

සන්තුල් විජයරත්න හි⁣ටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරියගේ ක්‍රිකට් ඇකඩමියේ ක්‍රීඩකයෙකු වේ. ඔහු මෙම සුපිරි දක්ෂතාවය දැක්වූයේ සී.සී.සී. රිදී කණ්ඩායමට එරෙහිව අද(27) පැවති තරගයකදීය. තරගය පැවැත්වුණේ කෝට්ටේ, ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදීය. සන්තුල් මීට පෙර 2019 වසරේදී ද මෙවැනි දක්ෂතාවයක් දැක්වීමට සමත් විය. සන්තුල් විජයරත්න කොළඹ, ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ක්‍රීඩකයෙකි. 2020 නෙල්සන් මෙන්ඩිස් ක්‍රිකට් තරගාවලියේ හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගැනීමට සන්තුල් සමත් විය.