අඛණ්ඩව විදුලිය සැපයීම ගැටලුකාරී තත්ත්වයක..

අඛණ්ඩව විදුලිය සැපයීම ගැටලුකාරී තත්ත්වයක..

by Staff writer 27-02-2021 | 8:23 AM

COLOMBO (News 1st) - ජල විදුලි උත්පාදනයේ ක්‍රමික අඩුවීමත් සමග අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක ලකුණු මතුවෙමින් තිබේ.

විදුලි බල අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, වියළි කාලගුණය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයෙන් 74% ක් ගල් අඟුරු හා ඩීසල් තාප බාලාගාර ආශ්‍රිතව නිපදවීමට සිදුවන බවයි. මේ දිනවල සමස්ත විදුලි නිෂ්පාදනය ගිගාවොඩ් පැය 38.46 ක් පමණ වේ. වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනයට 23.1% ක් දක්වා පහත බැස ඇත. ඒ අනුව මේ වනවිට ප්‍රධාන විදුලිබල පද්ධතියට සැපයෙන සමස්ත විදුලි බල ප්‍රමාණයෙන් 74.92% ක් ම ජනනය කරනු ලබන්නේ, ඩීසල් හා ගල් අඟුරු තාප බලාගාර මගිනි. ලංකා විදුලි බල මණ්ඩල පවසන්නේ, කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට මේ වනවිට සියලු පියවර ගෙන ඇති බවයි.