අඛණ්ඩව විදුලිය සැපයීම ගැටලුකාරී තත්ත්වයක..

අඛණ්ඩව විදුලිය සැපයීම ගැටලුකාරී තත්ත්වයක..

අඛණ්ඩව විදුලිය සැපයීම ගැටලුකාරී තත්ත්වයක..

කර්තෘ Staff writer

27 Feb, 2021 | 8:23 am

COLOMBO (News 1st) – ජල විදුලි උත්පාදනයේ ක්‍රමික අඩුවීමත් සමග අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක ලකුණු මතුවෙමින් තිබේ.

විදුලි බල අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, වියළි කාලගුණය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයෙන් 74% ක් ගල් අඟුරු හා ඩීසල් තාප බාලාගාර ආශ්‍රිතව නිපදවීමට සිදුවන බවයි.

මේ දිනවල සමස්ත විදුලි නිෂ්පාදනය ගිගාවොඩ් පැය 38.46 ක් පමණ වේ.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනයට 23.1% ක් දක්වා පහත බැස ඇත.

ඒ අනුව මේ වනවිට ප්‍රධාන විදුලිබල පද්ධතියට සැපයෙන සමස්ත විදුලි බල ප්‍රමාණයෙන් 74.92% ක් ම ජනනය කරනු ලබන්නේ, ඩීසල් හා ගල් අඟුරු තාප බලාගාර මගිනි.

ලංකා විදුලි බල මණ්ඩල පවසන්නේ, කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට මේ වනවිට සියලු පියවර ගෙන ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]