නවම් පුර පසළොස්වක පෝය දිනය අදයි

සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතු බවට බුදු හිමියන් ක්‍රියාවෙන්ම පෙන්වා දීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ නවම් පුර පසළොස්වක පෝය දිනය අදයි..

by Staff writer 26-02-2021 | 7:44 AM

COLOMBO (News 1st) - ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ, නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට(26) යෙදී තිබේ.

සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතු බව බුදු හිමියන් ක්‍රියාවෙන්ම පෙන්වා දුන් මාහැගි අවස්ථාවක් සනිටුහන් වූ පොහෝ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ සැරියුත් හිමියන්ට සහ මුගලන් හිමියන්ට බුදු සසුනේ අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ ද අද වැනි දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් විය. සැරියුත් මහ රහතන් වහන්සේට ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයත්, මුගලන් මහ රහතන් වහන්සේට සෘද්ධිමතුන් අතර අග්‍රස්ථානයත් පිරිනැමුණේ ද අද වැනි පොහෝ දිනකයි.