වඳවීමේ තර්ජනයට ලක්වූ ශාක ආරක්ෂා කිරීමට සැලැස්මක්

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක ආරක්ෂා කිරීමට ජාතික වැඩපිළිවෙළක්

by Staff writer 26-02-2021 | 7:20 PM

COLOMBO (News 1st) – වන හා වෘක්ෂලතා අඥා පනත යටතේ වඳවීමේ තර්ජනයට ලක් වී ඇති බවට හඳුනා ගෙන ඇති ශාක ආරක්ෂා කිරීමට ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කරන බව වනජීවි අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ, මෙහි පළමු අදියර යටතේ අදාළ වඳවීමේ තර්ජනයට ලක් වී ඇති ශාක පිහිටා ඇති ස්ථාන හඳුනා ගැනීමට පියවර ගන්නා බවයි. ශාක විශේෂ පිළිබඳව අදියර කිහිපයක් යටතේ දැනුවත් කිරිම් ආරම්භ කිරීමට වන ජීවි අමාත්‍යංශය සැලසුම් කර තිබේ. දෙවන අදියර යටතේ එම වඳවීමේ තර්ජනයට ලක් වී ඇති ශාක පිහිටා ඇති ප්‍රාදේශය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි , කෘෂි පර්යේෂණ නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් එම ශාකය ආරක්ෂා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ලේකම්වරයා සඳහන් කළේ ය. ‍ඔහු පැවසුවේ, අවසන් අදියර යටතේ අදාළ ප්‍රදේශයේ ජනතාව ඇතුළුව මේ පිළිබඳව උනන්දුවක් දක්වන පිරිස් දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.