මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේදී..

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේදී..

by Staff writer 26-02-2021 | 12:25 PM

COLOMBO (News 1st) - මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේ, නාගදීප රජ මහ විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කර තිබේ.

එම තීරණය ගෙන තිබෙන්නේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ(25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසුවේ, උතුර පළාතේ, විහාරස්ථාන 65 ක් හා දහම් පාසල් 35ක් සම්බන්ධ කර ගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය වන බවයි. සාම්ප්‍රදායක වෙසක් උත්සවයකින් වෙනස් වී අනෙකුත් ආගම් සමග එක්ව සංස්කෘතික අංගයන්ට මුල්තැන දෙමින් රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කිරීමට තීරණය කළ බව ලේකම්වරයා සඳහන් කළේ ය.