මාස 2ක් තුළ ඩෙංගු රෝගීන් 3,141ක්

මාස 2ක් තුළ ඩෙංගු රෝගීන් 3,141ක්

by Staff writer 26-02-2021 | 5:15 PM

COLOMBO (News 1st) –  මාස 2ක් තුළ ඩෙංගු රෝගීන් 3,141 දෙනෙකු හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, ජනවාරි මාසයට සාපේක්ෂව මෙම මාසයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව, මෙම මාසය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,658කි. පසුගිය ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 1,483 දෙනෙකු වාර්තා වී තිබුණි.