ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 26-02-2021 | 6:18 AM

දේශීය පුවත්

1. කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය නිකුත් කෙරේ..: කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ මළ සිරුර භූමදානය කිරීමට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. 2. තවත් කොරෝනා මරණ 02 ක් වාර්තා වෙයි: තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. 3. පාස්කු වාර්තාව අසම්පූර්ණයි – වාසුදේව: අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සකස් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අසම්පූර්ණ එකක් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. 4. පාස්කු ප්‍රහාරය ගැන කොමිසම් වාර්තාව ශ්‍රීලනිප විධායක කමිටුව ප්‍රතික්ෂේප කරයි..: පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව ඊයේ ඒකමතිකව තීරණය කර තිබේ.

විදෙස් පුවත්

5. චීනය දරිද්‍රතාව තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ: චීනය දරිද්‍රතාව තුරන් කළ රටක් ලෙස චීන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිණ.